ඉදිරි ජනපතිවරණයේදි ජාතික නිදහස් පෙරමුණේ සහාය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිමට එම පක්ෂය තීරණය කර තිබේ.
පක්ෂයේ නියෝජිතයින් පිරිසක් හා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර අද (17දා) පෙරවරුවේදී අරලිය ගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකින් පසුව ජාතික නිදහස් පෙරමුණ සිය සහාය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන බව පවසා තිබේ.