ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය, මහමැතිවරණය හා පළාත් පාලන මැතිවරණයට ඡන්දය ලබාදීම සඳහා සුදුසුකම් ලබන 2014 ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කරගැනීමේ අවසාන අවස්ථාව මේ මස 30 වැනිදායින් අවසන් වන බවත්, මේ නිසා නාම ලේඛනයට නම ඇතුළත් වී නොමැති සියලු දෙනාම ඒ පිළිබඳ අවධානය යොමුකරන ලෙසත් පැෆරල් සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
2014 වසරේදී සකස්කළ ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් වී නොමැති නම් නම ඇතුළත් කරගැනීමේ අවස්ථාව මේ මස 03 වැනිදා සිට 30 වැනිදා දක්වා කාලය ලබා දී තිබෙන බවත්, ඒ සඳහා දැනට සකස්කර තිබෙන නාමලේඛන තමන් අයත් දිස්ත්රික් මැතිවරණ කාර්යාල, ප්රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන හා ග්රාම නිලධාරී කාර්යාල තුළ ප්රදර්ශනයට තබා තිබෙන බවත් එම සංගමයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.