ජනවාරි 8 වැනිදා පැවැත්වෙන ජනපතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 17කින් හා ස්වාධීන කණ්ඩායම් දෙකකින් ඇප මුදල් තැන්පත් කර තිබේ.
ඇප මුදල් තැන්පත් කිරිම අද (07දා) මධ්‍යාහ්න 12.00ට අවසන් විය.
අද දිනයේදී එක්සත් ලංකා මහ සභාවෙන් රුවන් තිලක පේදුරුආරච්චි ජනපතිවරණයට ඇප මුදල් තැන්පත් කර තිිබේ.
ජනපතිවරණය සඳහා නාම යෝජනා බාර දීම හෙට (08දා) සිදුවේ.