එළැඹෙන ජනපතිවරණය තීරණාත්මක ජනපතිවරණයක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික යොවුන් පෙරමුණේ සභාපති රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි.
වර්තමාන රජය විසින් තරුණ ප්‍රජාව නොසලකා හැර ඇති බවත්, මෙම ජනපතිවරණයෙන් ඉදිරි දශකයේ වෙනස්වීම තීරණය කරන බවත් හෙතෙම සඳහන් කළේය.
ඊයේ (19දා) කොළඹදි පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
මහින්ද චින්තනය යටතේ අලුතෙන් ආරම්භකළ එක් කර්මාන්තශාලාවක් හෝ පවතීනම් පෙන්වා දෙන ලෙස සඳහන් කළ මන්ත්‍රීවරයා පැවසුවේ හිටපු ජනපති ආර්. ප්‍රේමදාස මහතා ඉදිකළ කර්මාන්තශාලා පවා වසා දැමීමේ අවදානමකට ලක්ව ඇති බවයි.
මෙම මාධ්‍ය හමුවට හිටපු අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියද එ%E