දෙවැනි වරටත් චිලී රාජ්‍යයේ නව ජනාධිපතිනිය ලෙස දිවුරුම් දුන් මිෂෙලී බැෂිලේ මහත්මිය වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුබපැතුම් පණිවිඩයක් යවා තිබේ.
පසුගිය වසරේ දෙසැම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් බැෂිලේ මහත්මිය පසුගිය සතියේ සිය ධුරයේ දිවුරුම් දුන්නාය.
චිලී ජනාධිපතිනියගේ ධුර කාලය තුළදී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බව ජනපති සිය සුබපැතුම් පණිවුඩයෙන් පවසයි.