වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පුද්ගලික න්‍යාය පත්‍රයට වැඩ නොකරන බවත් ඔහු එසේ කළහොත් ඔහුට එරෙහිව නැගී සිටින බවත් ෆීල්ඩ් මාෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කියයි.
බලපිටියේ පැවැති පිළිගැනීමේ උත්සවයකදී ඔහු මේ බව පැවැසීය. වත්මන් ජනපති හා අගමැති අතර හොඳ සබඳතාවක් තිබෙන බවද ඔහු කීවේය.
“නායකයෝ දූෂිතනම් ගෙදර යවන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපි සේවයක් කළා. අපි හොඳ නායකයෙක් හොයලා දුන්නා. දැන් ඉන්න ජනපතිතුමා ඉතා පිරිසුදුයි. එතුමා පුද්ගලික බඩගෝස්තරය සඳහා දේශපාලනය කරන්නේ නෑ. එහෙම කළොත් එදාට අපි එතුමාට විරුද්ධවත් නැගිටිනවා. අගමැතිතුමත් එහෙම තමයි. එතුමා පුද්ගලිකව වැදගත් පුද්ගලයෙක්. එවැනි අය රටේ නායකත්වයට සුදුසුයි. ජනපතිතුමා - අගමැතිතුමා අතර හොඳ සංයෝගයක් තියෙනවා.” යැයි ඔහු පැවැසීය.