ජනපතිට මරණ තර්ජනය කළ අයෙක් අත්අඩංගුවට
සමාජ ජාල (FB) වෙබ් අඩවිය හරහා මැලේසියාවේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මරණ තර්ජනය කළ පුද්ගලයෙකු රහස් පොලීසිය විසින් ශ්‍රී ලංකා ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
වීසා නොමැතිව රැඳී සිටීමේ චෝදනාව මත මෙම පුද්ගලයා මැලේසියාවෙන් මෙරටට පිටුවහල් කර තිබෙන අතර, ඒ ආකාරයට මේ රටට පැමිණීමේදී ගුවන් තොටුපොළේ රැඳී සිටි රහස් පොලිස් නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
සමාජ ජාල වෙබ් අඩවියක් හරහා මෙම පුද්ගලයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මරණ තර්ජනය කළ බවට පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්ද සිදුකර තිබේ.
මෙම පැමිණිල්ලට අනුව සිදුකළ පරීක්ෂා කිරීමේදී අදාළ තර්ජනය සිදුකර තිබෙන්නේ මැලේසියාවේ රැඳී සිටින යක්කල ප්‍ර‘දේශයේ පදිංචිකරුවෙකු බවට තහවුරු වී ඇත.
මේ අනුව අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (27දා) මධ්‍යම රාත්රියේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

