විශ්වාසභංග යෝජනා සහ කෝප් කමිටු අතුරු වාර්තාව නිකුත්වීමට පෙර ඇතැම් පිරිස් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලපෑම් කරන බව විපක්ෂය අද(24) චෝදනා කළේ ය. පාර්ලිමේන්තු ඉතිහාසයේ ලැජ්ජාශීලි සිදුවීමක් බවත් මෙය පරාජය කළයුතු බවත් මෙහිදී ප්‍රකාශවිය. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේබව පැවසීය