ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ පූර්ණ සහයෝගය ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාදෙන බවට වූ පොරොන්දුව පිළිබඳව තම පක්ෂය නැවත සලකා බැලීමට තීරණය කළ බව කඳුරට ජනතා පෙරමුණේ මහලේකම් ඒ. ලෝරන්ස් මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ තම පක්ෂයේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (23දා) හැටන් නගරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා පැවසුවේ, වර්තමානයේ රටේ ඇති වී තිබෙන දේශපාලන තත්ත්වය හා ජනවාර්ගික ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් හා වසර 200 ක් වතු නිවාස පේළිවල ජීවත්වන වතු කම්කරුවන්ගේ නිවාස ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ඇතුළු තවත් මෙතෙක් නොවිසිඳුණු ප්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් එකඟතාවක් පළකරන ජනාධිපති අපේක්ෂකයෙකුට කඳුරට ජනතා පෙරමුණේ පූර්ණ සහයෝගය ලබාදීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවයි.
මෙතෙක් ජනාධිපති මැතිවරණ පොදු අපේක්ෂකයාගෙන් තම පක්ෂයට ආරාධනාවක් ලැබී නොමැති බවද කඳුරට ජනතා පෙරමුණේ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.