ශ්රී ලංකාවේ සමගිසන්ධානවීමේ ක්රියාවලිය සඳහා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ගන්නා ක්රියාමාර්ග ඇමෙරිකාවේ පැසසුමට ලක්ව තිබේ. ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාවලියට ශ්රී ලංකාව හා සම අනුග්රහය දැක්වීමටත් ඇමෙරිකාව එකඟ බව එම නිවේදනයේ දැක්වෙයි.