ජුලි මස 24 දා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට හා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට සිතාසි නිකුත් කර තිබෙයි.
ඒ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අදාළවය.
නඩුවට අදාළව අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මිට ඉහතදී සිතාසි නිකුත් කර තිබුණත් රාජකාරීමය හේතූන් නිසා ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටිය නොහැකි බවට දන්වා ඇත.