ජනපතිගේ වෙබ් අඩවියේ දත්ත වෙනස්කළ තවත් අයෙක් පොලිස් දැලේ
ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නිලවෙබ්අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන් තවත් තරුණයෙකු අද (30දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්ර‘දේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි. පෙරේදා (29දා) දිනයේදී මෙම සිද්ධියට අදාළව කඩුගන්නාව ප්ර‘දේශයේදී පාසල් සිසුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්රශ්න කිරීමේදී එම පාසල් සිසුවාගෙන් ලබාගත් ප්රකාශවලට අනුව මෙම සිද්ධියට අනුබල දුන් මෙම තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අදාළ විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මෙම තරුණයාගෙන් සිද්ධියට අදාළව ප්රශ්න කිරීමෙන් අනතුරුව අද (30දා) අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

