ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29දා) පස්වරුවේ වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති වයඹ පළාත් 'සුව විශිෂ්ටතා' සම්මාන උලෙළේදී ජනපතිවරයා සභාව අමතමින් සිටියදී විදුලිය විසන්ධි වීම හේතුවෙන් ජනාධිපතිවරයාට තම කතාව අඳුරේම කරගෙන යාමට සිදුවිය.
එම අවස්ථාවේදී ශ්‍රවණාගාරයේ විදුලිජනන යන්ත්‍රයද ක්‍රියාවිරහිත විය. වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වෙඬරුව මහතා අතින් ජනාධිපතිවරයාට සමරු තිළිණයක් පිළිගැන්වීම සිදුවූයේද වේදිකාවට එල්ල කළ විදුලි පන්දම් එළි ආධාරයෙනි.
එම කටයුතු අවසන් වී විනාඩි ගණනාවක් ගතවනවිට යළි විදුලිය ලැබීම සිදුවූ අතර, පැය භාගයකට ආසන්න කාලයක් මෙම විදුලි ඇණහිටීම සිදුවිය.