'මෛත්‍රී පාලනයක්, ස්ථාවර රටක්' ප්‍රතිපත්තියේ මතට තිත සංකල්පය පැහැදිලි කර තිබුණද, මුදල් අමාත්‍යවරයා පොහොය සහ නත්තල් දිනයේ තැබෑරුම විවෘත කිරීමට යෝජනා කර ඇතැයි ජාතික සංඝ සම්මේලනය සදහන් කරයි.
මීට අමතරව ස්කාගාර බලපත්‍ර ගාස්තුව අඩුකර තිබෙන බවත්, මේ ක්‍රියා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද එම සම්මේලනයේ ජාතික සංවිධායක වග විජිත හිමියෝ අවධාරණය කළහ.
ස්කාගාර බලපත්‍ර ගාස්තු අඩුකර පොහෝදා සහ නත්තල් දා තැබෑරුම විවෘත කර තබන්නේ 'මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්' ප්‍රතිපත්තියේ තිබෙන මතට තිත තැබීමට දැයි ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බවද එම සම්මේලනය සඳහන් කරයි.