ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම භාවිත කරමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති මෙහෙයුම් අධ්යක්ෂ කෙනෙකු ලෙස සේවය කරන බවට හඟවමින් කන්තලේ ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා දෙන බව පවසා රුපියල් 140000 ක මුදලක් සැකකරු වංචා කර ඇතැයි පොලීසිය කියයි.
කන්තලේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26 ක් වන සාවස්තිපුර පදිංචිකරුවෙකු බවද පොලීසිය පවසයි.