ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් වෙනුවෙන් ධවල මන්දිරයේ කාර්යාලක් වෙන් කර තිබෙන බව ධවල මන්දිරියේ පරිපාලන නිලධාරියෙක් පවසයි.
කෙසේ වෙතත් එම කාර්යලයේ සිටිමින් ඇය කුමන කාර්ය ඉටුකරනවාද යන්න පිළිබඳව වාර්තා නොවන අතර, ඒ සඳහා ඇයට වැටුපක්ද හිමි නොවන බවද වාර්තා වෙයි.
ඇමෙරිකාවේ විධායක බලතල ක්‍රියාත්මක කරන ධවල මන්දිරයේ බටහිර කොටසේ ඇයට මෙම කාර්යාලය ලබාදී තිබේ.
එසේම ඉවන්කා ට්‍රම්ප්ට ඇමෙරිකාවේ විශේෂිත තොරතුරු සඳහා ඇතුළුවිමටත් අවසර ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඇමෙරිකානු ජනපතිවරයාට සමීපව සිටිමින් ඔහුගේ උපදේශිකාවක් ලෙස ඉදිරියේදී ඉවන්කා කටයුතු කරනු ඇතැයිද එම වාර්තා තහවුරු කරයි.
ඉවන්කාගේ සැමියා වන ජරේඩ් කුෂ්නර්ද ඩොනල්ඩ් ට්රම්ගේ උපදේශකයෙකු ලෙස කටයුතු කරයි. මේ අතර ඇමෙරිකාවට පැමිණි ඉහළ පෙළේ රාජ්‍ය නායක නායිකාවන් පැමිණි අවස්ථාවලදී ඔවුන් සමීපයේ සිටිමින් ඉවන්කා ට්‍රම්ප් කටයුතු කරනු ලැබීය.