ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් හෙට(16දා) සිදුකරන ප්රකාශයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ක්රියාමාර්ග තීරණය වන බව පාර්ලිමේන්තු මන්ත්රී චතුර සේනාරත්න මහතා පැවසීය.
ආණ්ඩුව පවත්වාගෙන යන ආකාරය සම්බන්ධව ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර, විශේෂ සාකච්ඡාවක් අද රාත්රියේදීත් ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණු බවද මන්ත්රීවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් දෙනා විශාල පරිවර්තනයක් වෙනුවෙන් පෙනී සිටින බවත්, එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් වෙනුවට දැවැන්ත වෙනස්කම් සිදුකරමින් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයන බවත් ඒ මහතා ප්රකාශ කළේය.
දැනට තිබෙන තත්ත්වය අනුව එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවීමට යාම සම්බන්ධයෙන් එම පක්ෂයේම කණ්ඩායම්වලින් විශාල විරෝධයක් තිබෙන බවත්, එජාපයේ අනාගතය පිළිබඳ පක්ෂ තුළ පුළුල් සංවාදයක් ඇතිවෙමින් තිබෙන බවත් හෙතෙම කීවේය.
චතුර සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය සම්බන්ධව පක්ෂය විසින් තීන්දුවක් ගත යුතු බවයි.