පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ අවශ්‍යතා පිලිබඳ මෙන්ම ඔවුන් වෙනුවෙන් සළසා ඇති සුබසාධන කටයුතු පිලිබඳ සොයා බැලීමට සතියකට වරක්වත් එම ප්‍රදේශවල සංචාරයක නිරතවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ දිස්ත්‍රික්කවල මැති ඇමතිවරුන්ට උපදෙස්ප දී තිබේ.
අද (01) කෑගල්ල නගර ශාලාවේ පැවති කෑගල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බව ජනාධීපති මාධ්‍ය අංශය පැවසීය.
දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ නාය යාම් හේතුවෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ නාය යාම් හේතුවෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය පිලිබඳ ජනාධිපතිවරයා මෙහිදී නිළධාරින්ගෙන් කරුණු විමසීය.