විශ්වාසභංග යෝජනාවෙන් පසුව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් පවත්වා ඇත.
මෙහිදී අග්රාමාත්යවරයා ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑම පිළිබඳව අදහස් ඉදිරිපත් කර තිබේ. එසේම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවටද අග්රාමාත්යවරයා අදහස් දක්වා ඇති බව වාර්තා වෙයි.