ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අතර තීරණාත්මක සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. ජනපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් සමග හා අග්‍රාමාත්‍යවරයා එක්සත් ජතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ජනපති හා අගමැති අතර සාකච්ඡාව ආරම්භ වී තිබේ.
අගමැති හා එජාප අමාත්‍යවරුන් අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවැසුවේ ජනතා මතය අනුව වෙනස්කම් සිදුවිය යුතු බවත් ඒ අනුව ජනපති හා අගමැති අතර අද රාත්‍රියේ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අවසන් තීරණයකට එනු ඇති බවත්ය.