ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවමංග්‍ය උත්සවලට එක්වීම පිළිබඳව තමාගේ විරුද්ධත්වයක් ඇතැයි සමාජ සවිබල ගැන්වීමේ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
‘අද' පුවත්පත හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඒ වෙනුවෙන් ජනපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා වැය කරන කාලය වෙනත් සුවිශේදී කාර්යයක් සඳහා යොමු කළ හැකි බවයි.
එසේම ජනපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට වෙනත් කාර්යක් කර ගත නොහැකි වන ආකාරයට විවිධ පාර්ශ්ව විසින් පොත් එළිදැක්වීමේ උත්සව, කලාකරුවන් බැලීමට, විවාහ උත්සව සඳහා මෙන්ම විවිධ සාද ආරාධනා කරන බවත් එවැනි අවස්ථාවලට එක්වූ විට රටට සේවයක් කිරීමට තිබෙන කාලය අපතේ යන බවත් ඔහු සඳහන් කළේය.
"මම ජනපතිතුමාටයි, අගමැතිතුමාටයි යෝජනාවක් කරනවා ජී. 7 සමුළුව වැනි සමුළුකට යෑම රටට ප්‍රයෝජනයක්. අපි රුසියාවට යනවා. එංගලන්තයට යනවා. නරේන්ද්‍ර මෝදි මෙහෙ ආවා. නමුත් ඔවුන් දෙදෙනා මරණ ගෙවල් වලට යාම ගැන මගේ විරුද්ධත්වයක් තිබෙනවා. යාපනයේ, ත්‍රිකුණාමලයේ අවමංග්‍ය උත්සවයකට හෙලිකොප්ටරයක් ගියාම ලක්ෂ හතරක් පහක් යනවා. මගෙත් එක්ක තරහ වෙයිද දන්නෙ නෑ. නමුත් මගේ මතය කියනවා. ඇමෙරිකානු හිටපු ජනපති බැරැක් ඔබාමා ඔහුගේ ධුර කාලයේදී ගියේ සීමිත අවමංගල්‍ය උත්සව කිහිපයකට පමණයි. නෙල්සන් මැන්ඩෙලා, ලී ක්වාන් යූගේ වගේ අවමංගල්‍ය උත්වස වලට පමණයි ඔහු ගියේ.
නමුත් අපේ සංස්කෘතිය අනුව ජනපතිට අගමැතිට වෙන වැඩක් කරගන්න විදයක් නෑ. පොත් එළිදැක්වීමේ උත්සව, කලාකරුවන් බලන්න යන්න, මළ ගෙවල්වලට, මඟුල් ගෙවල්වලට, සාද වලට ගියාම කොහොමද රටට වැඩක් කරන්නේ. රටට ආයෝජකයන් ගේන ඕන දේකට යන්න. එතුමාට මේ වගේ සුළු දේවල් වලට ආරාධනා කරන එකත් වැරදියි. මෙය ආසියාවේ රාජ්‍ය නායකයන් වෙනස් කරගත යුතු දෙයක්. " යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.