දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතාගේ ආරාධනය පරිදි එහි තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29චා) පෙරවරුවේ සෝල් නුවර පිහිටි රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය.
මව්බිම වෙනුවෙන් දිවි පුද කළ දකුණු කොරියානු සොල්දාදුවන් සිහිපත් කරමින් සෝල් නුවර ජාතික සුසාන භූමියේ මෙම රණවිරු ස්මාරකය ස්ථාපිත කර තිබේ.
අද පෙරවරුවේ එම පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිවරයා එහි පාලක An Suhyun මහතා ඇතුළු පිරිසක් විසින් ඉතා ගෞරවයෙන් පිළිගනු ලැබීය.
හමුදා උත්තමාචාර මධ්‍යයේ රණවිරු ස්මාරකය අභිමුව මල් කළඹක් තැන්පත් කර ඊට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිවරයා එහි නිරන්තරයෙන් දැල්වෙන පහනට සුවඳ ධූප ද එක් කළේය.