ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් එක්ව කටයුතු කළ යුතු බව හින්දු පුවත්පත පවසයි.
පළාත් පාලන මැතිවරණයේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පක්ෂ දෙක ලැබූ පරාජය සහ එයට හේතු වූ අස්ථායී බව පිළිබඳ ඔවුන් වැඩිදුරටත් සටහන් තබා තිබෙනවා.
'ද හින්දු පුවත්පත' ඉදිරිපත් කළ මතයෙන් උකහාගත් සටහන් අතර මෙම පරාජයට බොහෝ විට විරැකියාව සහ දිවයින පුරා පැතිර යන දැඩි නියං තත්ත්වය හේතුවක්ව ඇත. එසේම ඇතැම් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මැතිවරණයට පෙරාතුවත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර එකඟතාව බිඳෙන සුළු ප්‍රකාශ සහ ජනාධිපතිවරයාගේ ප්‍රකාශ තුළ අගමැතිවරයා හා සම්බන්ධ පිරිස් කිහිප දෙනෙකු හා බැඳුණු බැඳුම්කර වංචාව පිළිබඳ වැඩිදුර විස්තර ප්‍රකාශ කෙරිණි. එය පක්ෂ ස්වාධීනව ඡන්දයට ඉදිරිපත් වන කළ පුදුමයට පත්විය යුතු කාරණාවක් නොවුණද, ඔවුන්ගේ මෙම විරසකය හරහා හිටපු ජනාධිපති යළි කරළියට පැමිණීම සිදුවන බව ඔවුන් දුටුවේ නැත.
මෙය ඡන්දයෙන් පසුවද එම කඳවුරු දෙක අතර තරගයක්ව ඉදිරියට ඇදී යයි. ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි යන තීරණයට එළැඹ සිටි අතර, අගමැතිවරයා තමන් එම තනතුරේම සිටින බව අවධාරණය කළේය. මෙම තත්ත්වය විසඳා ගැනීමට නොයෙක් මත ඉදිරිත් වුවද, ඔවුන්ගේ සමගි ආණ්ඩුවේ පැවැත්ම මේ වන විට දුර්වලව ඇත.
අගමැතිවරයා තමන් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගන්නා බව පැවසුවත්, පවතින ආර්ථික අස්ථායීතාව, ගැටුම් සහ අධික ජාතිකවාදය සම්බන්ධයෙන් නොතකා හැරිය නොහැකිය. එනිසා නායකයන් දෙදෙනා එක්ව කටයුතු කර තමන්ගෙන් ගිලිහී ගිය ජනප්‍රියත්වය නැවතත් ගොඩනගා ගත යුතුය. ඒ අනුව මෙම සියලු අර්බුදවලට විසඳුම් සහිත නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුය. බලය වෙනුවෙන් වැඩි බලපෑමක් කළ හැකි, යුද්ධයෙන් පීඩා විඳි දෙමළ ජනතාවගේ පොරොන්දු ඉටු කිරීමද ඒ අතර විය යුතුය. එක් මැතිවරණ පරාජයක් ජාතික සංහිඳියාව පසුපසට ගෙන යන දේශපාලනික බලපෑම්වලට ඉඩදෙන අවස්ථාවක් බවට පත්කළ යුතු නොවේ.