මාලඹේ දෙමාපිය සංසදයට ජනාධිපතිවාරයා මුණගැසීමට තිබූ අවස්ථාවක් එක් වෘත්තීය සමිති නායකයෙකු විසින් වළක්වන ලද බව එම සංසදයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
මේ හේතුවෙන් සයිටම් පරිපාලනය සමග පමණක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාකච්ඡා කර තිබෙන බවත්,දෙමාපියන් සමග සාකච්ඡා නොකිරීම බරපතළ වරදක් බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.
මරදාන සී.එස්.ආර්. ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අදහස් අනුව තීන්දු තීරණ නොගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.