ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැති සාකච්ඡාවකින් පසුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය අඛණ්ඩ වැඩ වර්ජනය අවසන් කර තිබේ. සරසවි සිසුන්ට පහරදිමට විරෝධය දක්වමින් හා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙරේදා (22දා) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත විය. ජනපති සමග සාකච්ඡාව අද (24දා) පෙරවරුවේ පැවැත්විණ.