ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් රැස්වීමක් සඳහා අද දින (16දා) කැඳවා ඇත.
අද දහවල් 11 ට පැවැත්වීමට නියමිත මෙම විශේෂ සාකච්ඡාව තුළදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හා ඉදිරි මහ මැතිවරණයට අදාළ කරුණු සාකච්ඡා කරනු ඇතැයි වාර්තා වේ. තමා හා එක්සත් ජාතික පක්ෂය අතර තවදුරටත් කිසිදු අවබෝධයක් නොමැති බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
එසේම මහ මැතිවරණයක් ඉක්මනින් පවත්වන ලෙස ඔහුට දැනටමත් ප්‍රධාන පක්ෂවලින් ඉල්ලීම් ලැබෙමින් පවතී.