රාජ්‍ය නායකයකු ලෙස යුද හමුදාවේ අධිකාරිලත් නිලයන් වෙත පමුණුවන ලද හමුදා නිලධාරීන් වෙත ලාංඡන පැළදවීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ව තිබේ.
දියතලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ පුහුණුව ලැබූ 92 වන කෙඩෙට් කණ්ඩායමේ විසිර යාමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17දා) දියතලාව, යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.