රට තුළ තිරසාර සංහිඳියාව ඇති කිරීම සඳහා පසුගිය මාස 10 තුළ නව රජය කළ කැපවීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිනි සමන්තා පවර් මහත්මියගේ ඇගයීමට ලක්විය.
සමන්තා පවර් මහත්මිය අද (23දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවීමෙන් පසුව මෙම අදහස් දැක්වීය.
රට තුළ සිදුකරමින් තිබෙන නව සංශෝධන අගය කරන බවත් එමගින් රට තුළ නව පිබිදීමක් ඇති වී තිබෙන බවත් ඇය ප්රකාශ කරයි.
අප්රිකාවේ සහ ආසියාවේ නායකයන් බොහෝවිට තම බලය සංකේන්ද්රණය කර ගැනීමට උත්සාහ දරද්දී ශ්රී ලංකා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා බලය අත්හැරීමට කටයුතු කිරීම ඉතා අගය කළයුත්තක් බවද ඇය සඳහන් කළාය. එය ලෝක නායකයන්ට ආදර්ශයක් බවද කියා සිටියාය.