කොළඹ කොටුව ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා හතළිස් දහසකට ආසන්න පිරිසක් මේ වන විට පැමිණ ඇති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි
ඉතිහාසයේ පළමු වරට ජනාධිපති මන්දිරය ජනතාවට විවෘත කෙරුණේ ඉකුත් 8 වෙනිදාය.
ඊයේ (10)දිනය තුළ පමණක් පාසල් සිසුන් ඇතුළු පහළොස් දහසකට අධික පිරිසක් ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණ සිටි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය.