ජනපති මහින්ද රාජපක්ෂ මැතිවරණය හේතුවෙන් තමන් පිළිබඳව බොරු ප්රචාර සිදුකරන බව හිටපු නෝවේ ජාතික සාම නියෝජිත එරික් සොල්හයිම් සඳහන් කරයි.
පෙරේදා (15දා) කුරුණෑගලදී පැවැති උත්සයක් අමතමින් ජනපතිවරයා සඳහන් කළේ නෝවේ රාජ්ය එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් ලබාදුන් බවත් ඒ පිළිබඳව ඔවුන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවත්ය. එසේම ත්රස්තවාදීන් සඳහා ඔවුන් මුදල් ලබාදුන් ආකාරය පිළිබඳව සාක්ෂි පවතින බවත් ජනපතිවරයා කීවේය.
මේ සඳහා ට්විටර් පණිවුඩයක් මගින් සිය අදහස් ඉදිරිපත් කරමින් සොල්හයිම් සඳහන් කරන්නේ තමන් ඇත්ත හෙළිකරන බවයි.