ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමට ආසන 168 ක සමස්ත ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි ගෙයින් ගෙට ගොස් මැතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ වනවිට කටයුතු කර තිබෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.
ඊයේ (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපතිතුමා සමග තරග කිරීමට පැමිණ තිබෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයා පළමු ප්රවෘත්ති සාකච්ඡාවේදීම පටලවාගෙන තිබෙන බවයි.
පළමු ප්රවෘත්ති සාකච්ඡාවේදී ඔහු පිටුපස ප්‍රදර්ශනය වූ බැනරයේ සඳහන් වූයේ මෛත්‍රීපාල ණයක් ලෙස බවත්, පක්ෂයේ සාමාජිකයන්ට එක්සත් ජාතික පක්ෂයෙන් විඳින්නට සිදුවූ හිරිහැර නවතා දැමීමට කටයුතු කළ ජනාධිපතිතුමාට සැබෑ ලෙසම සියලුම දෙනා ණය බවද ප්‍රධාන අමාත්‍යවරයා පවසා සිටියේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට එක්සත් ජාතික පක්ෂයෙන් අප්‍රමාණ හිරිහැරවලට ලක්වීමට සිදු වූ බවත්, ඒ අතර මෛත්‍රීපාල සිරිසේන මහතාද ඇතුළත් බවද සඳහන් කළේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවතවරක් ජනාධිපති බවට පත්කිරීමට අවශ්‍ය ප්රචාරක කටයුතු වලින් 60෴ ක් අවසන් කර තිබෙන බවද ප්‍රධාන අමාත්‍යවරයා පවසා සිටියේය.