මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අවස්ථාවේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද පාර්ලිමේන්තුවේ සභා ගර්භයට පැමිණියේය. විශ්වාසභංගයට අදාළ ඡන්ද විමසීම පස්වරු 5.30ට පමණ සිදු කිරීමට නියමිතය.