ජනපති පාකිස්තානයට ළගාවෙයි
පාකිස්තාන ජනරජ දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට පාකිස්තාන ජනාධිපති මම්නුන් හුසේන් මහතාගෙන් ලද විශේෂ නිල ආරාධනය පරිදි පාකිස්තානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (22දා) රාති‍්‍ර 8.00 ට පමණ ඉස්ලාම්බාද් නුවර නූර් ඛාන් ගුවන් තොටුපොළ වෙත ළගාවිය.
පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මහතා විසින් එහිදී ජනාධිපතිවරයා පිළිගනු ලැබීය. ආචාර වෙඩිමුර 21 සහිත හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් සහ ගෞරවණීය අන්දමින් එම පිළිගැනීම සිදුවිය.
පාකිස්ථාන ජන රජ දින සැමරුම් උළෙල හෙට පෙරවරුවේ පැවැත්වෙන අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉහළම ගෞරවයෙන් යුතුව පිළිගැනීමට පාකිස්තාන රජය සියලු කටයුතු සූදානම් කර තිබේ.
ජනාධිපතිවරයා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි මහතා අතර නිල හමුව ද හෙට පස්වරුවේ පැවැත්වෙන අතර නායකයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර අධ්‍යාපන, තරුණ කටයුතු සහ සංචාරක ක්ෂේත්රවලට අදාළ අවබෝධතා ගිවිසුම් 04 කට අත්සන් තැබෙනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





