රටේම ජනාධිපති ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ ආකාර දෙකකට බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සඳහන් කරයි.
නීතිවිරෝධී සයිටම් ආයතනය අහෝසි කර රටේ සෞඛ්‍යය සුරක්ෂිත කරන ලෙස ශිෂ්‍යයන් හා දෙමවුපියන් ඉල්ලා සිටින විට ඔවුන්ට පොලීසිය ලවා බැටන් ප්‍රහාර හා කඳුළුගෑස් ප්‍රහාර එල්ල කර අත්අඩංගුවට ගැනීම සිදුකරන බවද එම සංගමයේ සම්බන්ධීකාරක වසන්ත අල්විස් මහතා සඳහන් කළේය.
එහෙත් උතුරේ ගැටලු සම්බන්ධයෙන් සිවාජිලිංකම් වැනි පිරිස් උද්ඝෝෂණය කරන විට හා විරෝධතා දක්වන විට විරෝධතාකරුවන් අතරට ගොස් ප්‍රශ්න විසඳීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවද අද (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
උතුරේ කවුරුන් විරෝධතා දැක්වුවද, උද්ඝෝෂණය කළද පොලීසිය කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට නොගන්නා බවද ඔහු පවසා සිටියේය.