ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේපළමු පදවිප්‍රාප්තිය සනිටුහන් කරමින් ජනාධිපතිවරයාඅද (08දා) පෙරවරුවේ කළුතර ඓතිහාසික බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය එහිදී ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
කළුතර ඓතිහාසික බෝධීන් වහන්සේ වැඩ වෙසෙන භූමිය බෝධි භාරකාර මණ්ඩලය වෙත පවරාදීමට අදාළ සන්නස් පත්‍රය පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 117 වැනි ජන්ම දින සැමරුම් උත්සවයද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08දා) පෙරවරුවේ ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අබියසදී පැවැත්විණි.
ජනාධිපතිවරයා බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, සුනේත්‍රා බණ්ඩාරනායක යන මහත්මීන් ඇතුළු සහභාගි වී සිටි මැති ඇමතිවරු පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.
එමෙන්ම කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක්ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කෝට්ටේ ශ්‍රී නාගවිහාරයේදී පැවැත්විණි.
සිය පදවිප්රාප්තියට වසරක් සපිරීම නිමිත්තෙන් නාග විහාර පරිශ්‍ර‘යේ සඳුන් පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.