පසුගිය අගොස්තු මාසයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා කළ නිවේදනය අනුව පලස්තීනයට ඇමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය පරිත්‍යාගය ඊයේ (25දා) සවස ලබාදුන් බව ජනපති මාධ්‍ය ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය කියයි.
එක්සත් ජාතීන්ගේ 69වැනි සැසිය සඳහා සහභාගීවීමට ඇමෙරිකාවේ නිව්යෝක් වෙත ගොස් සිටින ජනපතිවරයා එම සැසියට පරිබාහිරව පලස්තීන ජනපති මහමූද් අබ්බාස් හමුවූ අවස්ථාවේදී මෙම පරිත්‍යාගය කළ බවද ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය කියයි.