ජනපති පත්කළ අාසන සංවිධායකත් දඹුල්ල වසනවාට විරුද්ධයි
රංගිරි දඹුලු රාජමහා විහාරය බේරාගැනීම සඳහා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරය අත්හැරීමට සූදානම් බවත්, දඹුලු විහාරය ආරක්ෂා කිරීමට දසදහස් ගණනින් ජනතාව රැස්කරන බවත් දඹුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක යූ.ආර්. දයානන්දසිරි මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ, අද (11දා) රංගිරි දඹුලු රාජමහා විහාරයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
“ඇත්තටම මම අද පුදුම උණා මාධ්‍ය මගින් ලැබුණු පුවතට. දඹුලු විහාරය තාවකාලිකව වසා තබන්න ගත් තීරණය ගැන මම හාමුදුරුවන්ගෙන් විමසීමක් කළා. උන්වහන්සේ දන්නේ නැහැ. මෙතැන ශ්‍රී විශ්ණු දෙවියන් ජීවමානව වැඩ හිඳිමින් අපිව ආරක්ෂා කරනවා. කාටද මෙහෙම හයියක් තියෙන්නෙ. මේ ගම්මාන 18ක දඹුල්ල මිනිස්සුන්ට, හාමුදුරුවන්ට රජවරු විසින් පවරා තියෙන ආගමික ස්ථාන වහලා දාන්න, ඒවාගේ ආදායම ගන්න අපි කිසිදු විටෙක ඉඩ තියන්නේ නැහැ.
මම පුදුම විදිහට කනගාටු වෙනවා මේ ඇමතිවරයා ගැන. මේ දඹුලු උරුමය පැහැර ගන්න ඉඩදෙන්නේ නැහැ. දඹුලු රාජමහා විහාරයට අබමල් රේණුවකවත් අවැඩක් කරන්න ආවොත් ජනාධිපතිතුමා මට දුන් ආසන සංවිධායක ධුරයෙන් අස්වෙලා හරි මේ උරුමය රකින්න මේ ස්වාමීන් වහන්සේලා රකින්න ඉදිරිපත් වෙනවා කියලා කියන්න කැමතියි. දඹුලු විහාරය වහන්න, පවරාගන්න එනවානම් ලක්ෂ, දසලක්ෂ ගණනාවකින් ජනතාව පරාජය කරගෙන එන්න වේවි" යැයි පැවසීය.
හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සංවිධායක ධුරයෙන් ඉවත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යූ.ආර්. දයානන්දසිරි මහතා දඹුල්ල නව ආසන සංවිධායකවරයා ලෙස පත්කරන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

