ජනපති මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙනෙන්නට සියලුම කටයුතු කළද හෙතෙම ඒකාධිපති පාලනයක් ගෙන යමින් අත්තතෝනෝමතිකව කටයුතු කරන බවත්, රාජපක්ෂ පවුල් රෙජිමය රට තුළ වංචාව දූෂණය රජකිරීමට ඉඩ සලසා දෙන නිසා තමා එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයෙන් ඉවත් වීමට තීරණය කළ බව නන්දන ගුණතිලක මහතා අද (14දා) පිටකෝට්ටේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
මේ අනුව ඔහු පානදුර නගර සභාවේ නගරාධිපති ධුරයෙන්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වයෙන්ද අද සිට ඉවත් විය.
ඡායාරූප - ප්‍රදීප් පතිරණ