ජනපති නිල වෙබ් අඩවියේ හැකර් ප්‍රහාරය ගැන පරීක්ෂණ
ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය පසුගිය බ්‍රහස්පතිනිදා සහ සිකුරාදා හැකර් ප්‍රහාරයකට ලක්වීමෙන් පසුව එම වෙබ් අඩවිය තාවකාලිකව ක්‍රියාවිරහිත කිරීමට කටයුතු කර තිබේ.
දින දෙකකදී වෙබ් අඩවිය මෙසේ හැකර් ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයද පරීක්ෂණ අරඹා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.
කෙසේ වෙතත්, නිල වෙබ් අඩවියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එය මෙසේ තාවකාලිකව ක්‍රියාවිරහිත කළත්, එය මේ වනවිට යථාතත්ත්වයෙන් ක්‍රියාත්මක වෙයි.
එය ප්‍රහාරයකට ලක්ව ඇත්තේ ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියේ මුල් පිටුව වෙනුවට සිංහල භාෂාවෙන් පණිවුඩයක් දක්වමිනි.
ශ්‍රී ලාංකික වෙබ් අඩවි පිළිබඳව සැලකිලිමත් නොවන්නේ නම් මෙරටද සයිබර් යුද්ධයකට හසුවීමට ඉඩ ඇති බවට එම පණිවඩුයේ අනතුරු අඟවා ඇත.
එමෙන්ම උසස් පෙළ විභාගය සහ සරසවි සිසුන්ගේ ඉල්ලීම් පිළිබඳවද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් සිදුකර තිබූ හැකර්කරුවන් වැඩිදුරටත් පවසා ඇත්තේ, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නොමනා ක්‍රියාකලාපය වහාම නවත්වන ලෙසය.
මෙය පාලනය කළ නොහැකි නම් හැකි ඉක්මණින් ජනාධිපතිවරණයක් පවත්වන ලෙසද ඔවුන් ප්‍රකාශ කොට ඇත.
‘මීට ශ්‍රී ලාංකික තාරුණ්‍යය’ යනුවෙන් හැකර්කරුවන් එහි අවසානයට සටහන් කර තිබී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

