අභිනව අස්ගිරි මහා නායක පදවියට පත් වූ ශාස්ත්‍රවේදී පණ්ඩිත අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රි පඤ්ඤානන්ද ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැකීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (10) පස්වරුවේ මහනුවර අස්ගිරි මහා විහාරය වෙත ගියේය.
අභිනව මහානායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසූ ජනාධිපතිවරයා උන්වහන්සේ වෙත තම සුභාශීංසන පිරිනැමීය.