ජනපති දකුණු කොරියාවට ළඟාවෙයි
- 28 11 2017
- 11:25
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතාගේ ආරාධනයකට අනුව තුන් දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28දා) පෙරවරුවේ සෝල් අගනුවර ඉන්චොං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟාවිය.
දකුණු කොරියාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය චෝ හයුන් සහ ජාතික ආරක්ෂක ප්‍රධානී චුන්ග් අයි - යෝන්ග් ඇතුළු පිරිසක් විසින් ජනාධිපති ඇතුළු දූත පිරිස පිළිගෙන තිබේ.
අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, රංජිත් සියඹලාපිටිය, මලික් සමරවික්‍රම, තලතා අතුකෝරල, දයා ගමගේ, තිලක් මාරපන අයන මහත්ම මහත්මීන් මෙම සංචාරයට වරින් වර සහභාගි වෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතා අතර නිල හමුව හෙට (29දා) සිදුවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




