ජනපති දකුණු කොරියා සංචාරය අරඹයි
දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා තෙදින රාජ්‍ය සංචාරයක් සදහා අද (2දා) පස්වරුවේ දකුණු කොරියාව බලා පිටත්ව ගියේය.
ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 40 ක් සපිරීමට සමගාමීව ජනාධිපතිවරයාගේ මෙම රාජ්‍ය සංචාරය සිදුවෙයි.
රාජ්‍ය නායකයන් දෙපළ අතර නිල හමුව අනිද්දා (29දා) පෙරවරුවේ පැවැත්වෙයි. දෙරට අතර ආර්ථීක සහයෝගීතාවය හා සංස්කෘතික සහයෝගීතාව සම්බන්ධ ගිවිසුම් කිහිපයකට මෙන්ම ආයෝජන සහයෝගීතාව හා රැකියා බලපත්‍ර ක්‍රමයට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද මෙහිදී අත්සන් තැබීමට නියමිතය.
හෙට (28දා) පෙරවරුවේ සෝල් අගනුවර Incheon ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ජනපති ඇතුළු දූත පිරිස ළගාවීමට නියමිතය.
ලෝකයේ හත්වන ආර්ථීක බලවතා බවට පත්ව ඇති දකුණු කොරියාව බලවත්ම ආර්ථීක සංවර්ධනයක් සහිත රටවල් 20න් සමන්විත ජී 20 කණ්ඩායමේ රටවල් අතර වැඩිම ආර්ථීක අතිරික්තයක් තිබෙන රටයි. අපනයනය අතින් ලොව සිව්වන ස්ථානය ලබාගෙන සිටී.
ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ඉතා ඵලදායී ආර්ථීක සහ අයෝජන සබදතා රැසක් මේ වන විට පවතින අතර, ශ්‍රී ලාංකිකයන් තිස් දහසක් පමණ දැනට එහි රැකියාවල නිරතව සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


