තායිලන්තය හා ශ්රී ලංකාව අතර රාජ්ය ත්රාත්ත්රික සබඳතා සඳහා වසර 60ක් පිරීම නිමිත්තෙන් තායිලන්ත අග්රාමාත්යවරයාගේ ආරාධනයක් අනුව සිවුදින නිල සංචාරයක් සඳහා තායිලන්තයට ගොස් සිටින ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා තායිලන්ත අග්රාමාත්ය ප්රයුත් චාන් ඔචා මහතා අතර අද (02දා) තායිලන්තයේදී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.
දේශපාලන, ආර්ථික හා සංස්කෘතික යන අංශ පිළිබඳව වැඩි අවධානයක් යොමුකරමින් මෙම සාකච්ඡා පැවැත්වීය.
මෙහිදී දෙරට අතර පවතින 60 වසරක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළේය.එමෙන්ම කළාපීය දේශපාලනය හා ආරක්ෂාව පිළිබඳව රාජ්ය නායකයන් දෙදෙනා අතර අදහස් හුවමාරු විය.
සාකච්ඡා වලදී ආර්ථික කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු වූ අතර තායිලන්තයේ පෙට්රෝලියම් ආයතනය ශ්රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත දැක්වීම, තායිලන්තයේ ධීවර අංශයේ රැකියා සඳහා ශ්රී ලාංකිකයන්ට අවස්ථාව ලබාදීම, දෙරටේ මැණික් කර්මාන්තය දියුණු කිරීමට පියවර ගැනීම පිළිබඳව එහිදී ප්රධාන වශයෙන්ම සාකච්ඡා විය.
දෙරටේ බෞද්ධාගමික සබඳතා ශක්තිමත් කිරීම සඳහා හුවමාරු වැඩසටහන් හා පුහුණු කිරීම් පිළිබඳව රාජ්ය නායකයන් දෙපළ සාකච්ඡා කළේය.
දෙරටේ රාජ්ය ත්රාන්ත්රික සබඳතා සඳහා 60 වසරක් පිරීම නිමෙත්තෙන් සමරු මුද්දරයක්ද මෙහිදී නිකුත් කරනු ලැබීය.
දුමින්ද සංජීව බාලසූරිය තායිලන්තයේ සිට