ඩෙංගු රෝගය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් සහ එම තත්ත්වය පාලනය කිරීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඩෙංගු මර්දන කාර්යසාධන බළකාය අද (16දා) ජනාධිපති කාර්යාලයට කැඳවා තිබේ.
ඒ සඳහා අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, වජිර අබේවර්ධන, ෆයිසර් මුස්තාෆා, ගයන්ත කරුණාතිලක, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන්ද ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීන්ද ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින්ද, ඩෙංගු රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සහ වෛද්‍ය නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.