ජනාධිපතිවරණයේ කටයුතු 50% ක් අවසාන බැවින්, දැනටමත් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බව පොල් සංවර්ධන සහ ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පැවසීය.
කෙසේ වෙතත්, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම මැතිවරණ කොමසාරිස්වරයාගේ වගකීමක් මිස වෙනත් කෙනෙකු එය තීරණය කිරිම සුදුසු නොවන බවද පුෂ්පකුමාර මහතා පැවසුවේ අද (17දා) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.