ජල ගැල්මෙන් අවතැන්වූ වැල්ලම්පිටිය, මීතොටමුල්ල සහකොළොන්නාව ප්‍රදේශවල ජනතාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(22දා) එම ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
පළමුව වැල්ලම්පිටිය ප්‍රදේශයට ගිය ජනාධිපතිවරයා එහි ජනතාව රැඳී සිටින වැල්ලම්පිටිය විද්‍යාවර්ධන විද්‍යාලය වෙත ඔවුන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීය.
ඔවුන්ට ලබාදී ඇති සහනාධාරද පරීක්ෂා කර බැලු ජනාධිපතිවරයා ලැඛෙන සේවාවලඅඩුපාඩුද විමසා බැලීය.
එම තත්ත්වයන් පිළිබඳ කඩිනමින් සොයා බලන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ක්‍රියාත්මක කර ඇති සහන කටයුතු වඩා ක්‍රමවත් සහ විධිමත් අයුරින් ක්‍රියාත්මක කිරීමටද අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන්නේය.