ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි දින කිහිපය තුළ ඉන්දියාවේ කිසිදු සංචාරයක නිරත නොවන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ටිබටයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමාතුමා ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නව නාලන්දා මහා විහාර විශ්වවිද්‍යාලයේ උත්සවයක් සඳහා සහභාගී වීමට නියමිත බවට පසුගිය සිකුරාදා දිනපතා ඉංග්‍රීසි පුවත්පතක පළ වූ මාධ්‍ය වාර්තාව අසත්‍යයක් බවත්, එය කිසිදු අයුරකින් කරුණු තහවුරු කර නොගෙන වාර්තා කර ඇති බවත්, එමගින් එම ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති කාර්යාලය පවසයි.
ඒ අනුව, ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපය තුළ කිසිදු ඉන්දීය සංචාරයකට සහභාගී වීමට නියමිතව නොමැති බව එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසා සිටියි.