ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සිදු කළ ඉතාලි සංචාරය අතරතුරේදී ඉතාලි ගුවන්තොටුපලේ සිට ඉතාලියේ විදුලි දුම්රියය භාවිත කරනු ලැබීය. ශුද්දෝත්තම පාප්වහන්සේද මෙම දුම්රිය භාවිත කරන බව ජනපති මාධ්‍ය අංශය කියයි. බොහෝ රාජ්‍ය නායකයන් තානාපති කාර්යාල හරහා අධික වියදම් යොදාගනිමින් සුපෝඛබෝගී ලිමොසින් වාහන යොදාගනිමින් ගමන් කළත්, ජනපති මෛත්‍රි සිදුකළ මෙම ගමන ඔහු ඉතා සතුටින් සිනහමුසු මුහුණින් බුක්තිවිඳි බවද සඳහන්.