මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානය වෙත පිවිස විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථා කිහිපයකදීම මඩකලපුවට පැමිණියත් මඩකලපුව ශ්‍රී මංගලාරාමයට නොපැමිණීම පිළිබඳව අම්පිටියේ සුමනරතන හිමියේ දැඩි විරෝධය දැක්වීය.
අද දිනයේදී ජනපතිවරයා මඩකලපුවට පැමිණෙන බව දැනගත් උන්වහන්සේ ඊයේ දිනයේදී මංගලාරාමයේ කලු කොඩි එසවීය. එසේම ජනපතිවරයා තම විහාරස්ථානය වෙත අද දිනයේදී නොපැමිණියහොත් ගිනි තබාගන්නා බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.