එක්සත් ජාතීන්ගේ 69 වැනි සැසිවාරය සඳහා සහභාගීවීමට ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බලා ගොස් සිටින ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (24දා) සමුළුව ඇමතීමට නියමිතය.
එහි 15 වැනි දේශනය ජනපතිවරයා විසින් සිදුකරන බවත් ජනපති එක්සත් ජාතීන්ගේ සැසියක් අමතන්නේ 7වැනි අවස්ථාවට බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
එසේම රාජ්ය නායකයන් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට ජනපතිවරයා සූදානමින් සිටන බවත් ප්රවෘත්ති දෙපාර්තමේන්තුව තව දුරටත් පවසයි.